Wednesday, December 9, 2015

සධාතුක කරඩුව ශ්‍රී පාදයට වැඩමවීමට අලූත් පෙරහරක්



මෙවර ශ්‍රීපාද වන්දනා සමය එළඹෙන උඳුවප් පුර පොහෝ දිනයෙන් ආරම්භ වනවා. එය සංකේතවත් කරමින් සබරගමුව මහා සමන් දේවාලයේ තැන්පත් කර ඇති දේවාභරණ හා සාධාතුක කරඩුව ශ්‍රීපාද මළුව වෙත වැඩම කරවීම සදහා ප්‍රථම වරට මාර්ග 3 ක් ඔස්සේ පෙරහර ගමන් කරවීමට සංවිධායක කමිටුව තීරණය කර තිබෙනවා. 

මෙතෙක් මාර්ග දෙකක් ඔස්සේ පමණක් මෙම පෙරහර පැවැත්වූ අතර ඒ අනුව එක් පෙරහරක් රත්නපුර - අවිස්සාවේල්ල මාර්ගයෙන් පැමිණ හැටන් නල්ලතන්නිය ඔස්සේ ශ්‍රීපාද ස්ථානය වෙත ගමන් කරනු ලබනවා. අනෙක් පෙරහර ගමන් කරනු ලබන්නේ රත්නපුර - පලාබද්දල මාර්ගය ඔස්සේයි.

වැඩි බැතිමතුන් පිරිසකගේ ඉල්ලිම මත ප්‍රථම වරට දේවාභරණ රැගත් තවත් පෙරහරක් මෙවර  පැල්මඩුල්ල -  ඕපනායක, බලංගොඩ, පින්නවල හරහා ශ්‍රීපාද ස්ථානය දක්වා ගමන් කිරීමට තීරණය කර තිබෙනවා. සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිළමේ කමල් රත්වත්තේ මේ බව කියා සිටියේ රත්නපුර - ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

-hiru news

No comments:

Post a Comment